ආයේ සැත්කම් කරන්න බැරි වෙයි ? සල්ලි දීලා පිටින් සැත්කම් උපකරණ ගන්න වෙලා

Report

කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් සදහා අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය හිඟ වීමක් හේතුවෙන් මෙම සැත්කම් අඛණ්ඩව ක්‍රියාත්මක වීමට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

බුද්ධි තොරතුරු එන විටම ඉරානයට පහර දෙනවා - ට්‍රම්ප් කියයි

රෝහල් ආරංචි සඳහන් කරන්නේ, දිනකට සැත්කම් 6ක් සිට 10ක් දක්වා සිදු වුවද, එක් රෝගියෙකුට මෙවැනි සැත්කමකට වසර දෙකක් පුරා බලා සිටිය යුතු තත්ත්වයක් පවතින බවයි.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

වසර ගණනාවක් තිස්සේ රෝගීන්ට රුපියල් 70,000ක පමණ මුදලක් වැය කරමින් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සිදු වූ අතරත්, වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ සිදුවීමෙන් පසු වෛද්‍යවරුන් තවදුරටත් එවන් නිර්දේශ කිරීමෙන් වැළකෙමින් සිටින බවද සඳහන් වේ.

මධුසමය රාත්‍රියේ මනමාලයට වුන අපරාදේ කෑලි 35කට කපනවා

මධුසමය රාත්‍රියේ මනමාලයට වුන අපරාදේ කෑලි 35කට කපනවා

මෙම තත්ත්වය සලකා බැලූ විට, ඉදිරියේදී බරපතළ ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් මතුවීමේ හා එය රෝගීන්ගේ ජීවිතයට අනතුරක් වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය ආරංචිවලින් අනාවරණය වේ.

මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් සෙවීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.