මොනවා.. ලබන අප්‍රේල් තෙක් පොල් හිඟයක් ..

Report

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

අනේ දෙවියනේ ඉන්න ගෙපැල හදා ගන්න උදව් උන පුංචි මල්කැකුළට අත් වුනු අවාසනාවන්ත ඉරණම..

අනේ දෙවියනේ ඉන්න ගෙපැල හදා ගන්න උදව් උන පුංචි මල්කැකුළට අත් වුනු අවාසනාවන්ත ඉරණම..

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පෙන්වා දෙන්නේ රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බවය.

පොල් වගා කරන ප්‍රදේශවලට අඩු වර්ෂාපතනයක් ලැබීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම මේ වසරේ පොල් අස්වැන්න ප්‍රධාන වශයෙන් අඩුවීමට බලපෑමක් එල්ල වී තිබේ.

නතර වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?...

නතර වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළිත්?...

මේ හේතුවෙන් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා අඩු පොල් අස්වැන්නක් ලැබෙනු ඇතැයි ඒම ආයතනය අනාවැකි පළ කර ඇත. රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කර ගනිමින් පොල් මද ආනයනය කිරීම සඳහා වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් වී තිබෙන අතර ඒ සඳහා මෙතෙක් කැබිනට් අනුමැතිය හිමි වී නැත.