අනේ දෙවියනේ ඉන්න ගෙපැල හදා ගන්න උදව් උන පුංචි මල්කැකුළට අත් වුනු අවාසනාවන්ත ඉරණම..

By Piyumika Nov 01, 2024 03:51 AM GMT
Report

අකුණු සැර වැදීමකින් 11 හැවිරිදි දැරියක් මියයෑමේ සිද්ධියක් පස්සර පොලිස් වසමේ අඹතැන්න ගොවිපොළ ප්‍රදේශයයෙන් වාර්තා විය. දැරියට අකුණු සැර වැදී ඇත්තේ ඊයේ (31) දහවල් කාලයේදී ය.

පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටි ඕ. ඒම්. ටී මධුවන්ති නමැති ශිෂ්‍යාවයි මෙලෙස මියගොස් ඇත්තේ. 

බුදු අම්මෝ නිවසක මිදුලක මෙච්චර වටිනා දෙයක් තියෙයි කියල හිතන්න පුලුවන්ද..(PHOTOS)

බුදු අම්මෝ නිවසක මිදුලක මෙච්චර වටිනා දෙයක් තියෙයි කියල හිතන්න පුලුවන්ද..(PHOTOS)

පියා හා සහෝදරයා නිවස පිටුපස අත්තිවාරම කපමින් සිටියදී ඊට උදව් කරමින් සිටියදී දැරිය මෙම අනතුරට ලක්වී ඇති බව පැවසෙයි.

ඇයගේ 16 හැවිරිදි සහෝදරයාද අකුණු සැර වැදීමෙන් බරපතළ තුවාල ලැබා ඇති අතර පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට මාරු කර යවා ඇත.

ස්ටෝක්ස්ගේ නිවසට හොරු පැනලා..හොරකම් කරලා තියන දේ බලන්නකෝ..

ස්ටෝක්ස්ගේ නිවසට හොරු පැනලා..හොරකම් කරලා තියන දේ බලන්නකෝ..

මෙම දරුවන් දෙදෙනා මෙතෙක් පදිංචිව සිට ඇත්තේ සිය දෙමාපියන් සමග පැල්පත් නිවසක බවත්; නව නිවසක් ඉදිකරගැනීමට ගෙපොළක් කැපීමට උදව් කරමින් සිටියදියි මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇති බව පැවසේ.

පියාට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.