ඉස්සරහට පොල් කාලත් ඉවරයි - පොල් මිල ඉහළට

Report

පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් පොල් වෙන්දේසියේ දී රුපියල් 134ට මිලදී ගන්නා පොල් ගෙඩියක් රුපියල් 180ක මිලකට අලෙවි කිරීම හේතුවෙන් අතරමැදියන් රුපියල් 40ක 50ක පමණ ලාභයක් උපයාගන්නා බව සඳහන් කරයි.

ඒ අනුව එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළේ පොල් සඳහා පාලන මිලක් නොමැති වීම හේතුවෙන් මෙසේ වෙළඳපොලේ පොල් මිල ඉහළ දමන බවයි. එබැවින් පොල් වෙන්දේසියට නිර්දේශය ඉදිරිපත් කිරීමට සූදානම් බව සඳහන්.

ඒ මේ පිළිබඳව පොල් වගා කිරීමේ සමාගම්,පොල් සංවර්ධන මණ්ඩලය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

පාසල් පෙළ පොත් ගැන දුන්න තීරණෙත් කොස්සක් - ඒ බරත් දෙමව්පියන්ට

ඉකුත් වසරේදී පොල් පලදාව ගෙඩි මිලියන 2754ක් වුවද මෙම වසරේදී එය පොල් ගෙඩි මිලියන 2800ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

එහිදී පොකුරු සංකල්පය යටතේ වගා නොකරන අක්කර දහයට වැඩි පොල් ඉඩම් රජයට පවරාගෙන හවුල් කාරීත්වය යටතේ සංවර්ධනය කිරීම ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

මේ අතර පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍යය සුනිමල් ජයකොඩි වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි වසර තුන තුළදී පොල් ගෙඩි මිලියන 4200 දක්වා ඉහළ දැමීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

අද රන් මිල පහළටම - වෙළඳපොළේ උණුසුම වැඩිවෙයි

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්