අද සිට පොල් 130ට..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..

Lanka Sathosa Businessman
By Aruna Dec 09, 2024 03:37 AM GMT
Aruna

Aruna

Report

අද (09) සිට දෛනිකව පොල් ගෙඩි ලක්ෂ දෙකක් ලක්සතොස හරහා අලෙවිකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම පොල් ගෙඩියක් රුපියල් 130 කට අලෙවි කරනු ඇති බවයි සඳහන් වන්නේ.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්..වාහන මිල ගණන් ගැනත් කියයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්..වාහන මිල ගණන් ගැනත් කියයි.


කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල සතොස ශාඛාවලින් එම පොල් මිලට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය සතු වතුවලට අයත් පොල් ලක් සතොස හරහා මෙලෙස පාරිභෝගිකයින්ට අලෙවි කරන බව වසන්ත සමරසිංහ සඳහන් කළා.

210ට සහල් ගන්න නම් මෙතෙන්ට යන්න..පාලන මිලටත් වඩා අඩුවට සහල් දෙයි.

210ට සහල් ගන්න නම් මෙතෙන්ට යන්න..පාලන මිලටත් වඩා අඩුවට සහල් දෙයි.


මෙතෙක් ලක්සතොස හරහා අලෙවි කෙරුණේ දෛනිකව පොල් ගෙඩි ලක්ෂයක් පමණය.

You May Like This Video


ReeCha