පොල් තෙල් මිල ඉහළ යයි..කන අයට රතු එළියක්..
දේශිය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.
දේශිය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙම බද්ද පැනවෙන බවත් බද්ද දැනට සාකච්ඡා කර ඇති පරිදි ලීටරයකට රුපියල් 25 ක් විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ හේතුවෙන් ආනයනික පොල්තෙල් මිල ඉහළ යා හැකියි.
මේ අතර, පරිභෝජනයට අහිතකර පොල් තෙල් ආනයනික සමාගම් 4 ක් සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම, එදිරිසිංහ ඔයිල් පෞද්ගලික සමාගම, එසෙන්සල් ඔයිල් පෞද්ගලික සමාගම සහ කලම්බු එක්ස්පෝර්ට් ඇන්ඩ් ඉම්පෝර්ට් ඒජන්සීස් පෞද්ගලික සමාගම යන සමාගම් සම්බන්ධවයි.
එම සමාගම් 4 පරිභෝජනයට අහිතකර පොල් තෙල් මෙට්‍රික් ටොන් 2,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)