අනවශ්‍ය අමතර කොටස් එකින් එක ඉවතට.. CLEAN SRI LANKA රථවාහන මෙහෙයුම් තවදුරටත්

Sri Lanka Police Sri Lanka Government Of Sri Lanka Clean Sri lanka
By Piyumika Jan 09, 2025 08:37 AM GMT
Piyumika

Piyumika

Report

CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් තවදුරටත් දිවයින පුරා ක්‍රියාත්මකව පවතී.

මේ වනවිට ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් සිය රථවලට එක්කර ඇති අනවශ්‍ය අමතර කොටස් ඉවත් කිරීමද සිදුකරන ආකාරය දක්නට ලැබේ. CLEAN SRI LANKA වැඩසටහනට සමගාමීව පොලීසිය කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු රථවාහනවල අනාරක්ෂිත අයුරින් සවිකර ඇති උපාංග ඉවත් කිරීම පසුගියදා ආරම්භ කළ අතර, එම මෙහෙයුම් මගීන් අපහසුතාවයට පත්නොවන අයුරින් තවදුරටත් ක්‍රියාත්මක වේ.

"එයත් එක්ක නම් මොන විදිහකින්වත් වැඩ කරන්න බෑ ".. පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහිත චෝදනා පත්‍රයක්..

"එයත් එක්ක නම් මොන විදිහකින්වත් වැඩ කරන්න බෑ ".. පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහිත චෝදනා පත්‍රයක්..

කෙසේ වෙතත්, වැඩබලන පොලිස්පතිවරයා සමග පෞද්ගලික බස් සංගම් ඊයේ (08) පැවති සාකච්ඡාවකින් අනතුරුව මගී ප්‍රවාහන රථවල අනවශ්‍ය අමතර කොටස් ඉවත්කිරීම සඳහා මාස 3 ක සහන කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා එකඟත්වය පළ කළේය. 

කෙසේ වෙතත්, ත්‍රිරෝද රථවලට අලංකරණය සඳහා යොදන අමතර උපාංග අලෙවිකරන වෙළෙඳසැල් හිමියන් පවසන්නේ මේ වනවිට තමන්ගේ අලෙවිය කඩා වැටී ඇති බවය.

අලුත් ආණ්ඩුව නිසා අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිව අතරමන් වුනු පිරිසක්..

අලුත් ආණ්ඩුව නිසා අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිව අතරමන් වුනු පිරිසක්..

මේ අතර, CLEAN SRI LANKA යටතේ සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන උණවටුන - යද්දෙහිමුල්ල සංචාරක කලාපයේ ප්‍රවේශ මාර්ගය දෙපස ගමනාගමනයට අපහසුතා ඇතිවන අයුරින් සවිකර තිබූ පුවරු ඉවත් කිරීම හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.

එමෙන්ම CLEAN SRI LANKA වැඩසටහන යටතේ මොරටුව - සොයිසාපුර ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද උදෑසන පැවැත්විය. එය සංවිධානය කර තිබුණේ මොරටුව මහනගර සභාව විසිනි. 

You may like this video

ReeCha