අලුත් ආණ්ඩුව නිසා අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම නැතිව අතරමන් වුනු පිරිසක්..

Report

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය පසුගිය වසරේ (2024) කළමනාකරණ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් තරුණ තරුණින් 44 ක පත්වීම් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අත්හිටුවීමෙන් එම පිරිස දැඩි මානසික පීඩනයක් පත්ව සිටින්නේ යැයි ඔවුහු පවසති.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා පැවැති ජනාධිපතිවරණය අවසන් වූ වහාම සැප්තැම්බර් මස 24 වැනිදා දින කළමනාකරණ අභ්‍යාසලාභී පුහුණුව කිසිඳු දැක්වීමකින් තොරව අත්හිටුවූ බවත් එසේ අත්හිටුවා මාස තුනකට අධික කාලයක් ගතව තිබුණ ද මේ දක්වා එහි අනාගතය පිළිබඳව කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත් අභ්‍යාසලාභීහූ පැවසූහ.

චීන වෛරසය සම්බන්ද සුදානම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්..(VIDEO)

චීන වෛරසය සම්බන්ද සුදානම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්..(VIDEO)

මෙම ක්‍රියාවලිය කිසිඳු දේශපාලන අතපෙවීමකින් තොරව විධිමත් ක්‍රියාවලියක් තුළින් ඉතාම නිවැරැදිව සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීම නිසා මැතිවරණ කොමිෂන් සභාව ද එම පත්වීම්වලට අනුමැතිය දුන් බවත් එම පිරිසට වයස අවුරුදු 30 ට අඩු පිරිමි 17 ක් සහ කාන්තාවන් 27 ක් ඇතුළත් වූ බව ද අභ්‍යාසලාභීහූ කීහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පසුගිය වසරේ අප්‍රේල් මස 20 වැනිදා පැවැති තරග විභාගයෙන් සමත් වූ අපේක්ෂකයන්ට පසුගිය ජූනි මස සම්මුඛ පරීක්ෂණය කීපයක් පැවැත්වූ බවත් ඉන් ඉහළින්ම අසමත් 44 ක් පමණක් තොරාගත් බවත් කළමනාකරණ අභ්‍යාසලාභීහූ පැවසූහ.

⁠වරාය අධිකාරිය 2023 දෙසැම්බර් මාසයේ අභිලාෂ කැඳවා රජය පිළිගත් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන් අදාළ ක්ෂේත්‍රයන්හි පළමු ශ්‍රේණියේ සහ දෙවැනි පෙළ ඉහළ ශ්‍රේණියේ උපාධිධාරීන් පමණක් මේ සඳහා තොරාගත් බවත් එම පත්වීම් ගැනීම සඳහා එතෙක් සේවය කළ ආයතනවලින් ක්ෂණිකව ඉල්ලා අස්වී පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඔවුහු සඳහන් කළහ.

පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවල ඉහළ තනතුරු දරමින් ඉහළ වැටුප් ලැබූ බොහෝ දෙනෙක් එතෙක් සේවය කළ ආයතනවලින් කඩිනමින් ඉල්ලා අස්වූ බවත් ඇතමුන්ට එම ආයතනවලින් හිටිහැටියේ ඉවත්වීමට විශාල වන්දි මුදල් ගෙවීමට සිදුවූ බවත් ඔවුහු කියති.

සියලු කළමනාකරණ අභ්‍යාසලාභීන් සැප්තැම්බර් මස 9 වැනිදා වරාය අධිකාරියේ මහපොල සමුද්‍රීය විද්‍යායතනයට කැඳවා වෛද්‍ය වාර්තා, ඇඟිලි සලකුණු ලබාගැනීම්, පෞද්ගලික ලිපිගොනු සැකසීම් ආදී සියල්ල නිවැරදිව සම්පූර්ණ කර බැඳුම්කර අත්සන් කිරීමට දින නියම කළ බව කියන අභ්‍යාසලාභීහූ සැප්තැම්බර් මස 1 වැනිදා පත්වීම් ලිපි ප්‍රදානය කළ බව ද සඳහන් කරති.

AI තාක්ෂණය ඔස්සේ වසර 19කට පස්සේ මංගල ඡායාරූපයෙන් ඝාතකයන් කොටු කල මෙහෙයුම..

AI තාක්ෂණය ඔස්සේ වසර 19කට පස්සේ මංගල ඡායාරූපයෙන් ඝාතකයන් කොටු කල මෙහෙයුම..

වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටලුව විසදීමට කමිටුවක් පත්කර ඇතැයි දැනුම්දී ඇති බව කී අභ්‍යසලාභීහූ ජනාධිපතිවරයා සහ අගමැතිවරිය ඇතුළු ඉහළ දේශපාලන අධිකාරිය මේ පිළිබඳව ලිඛිතව දැනුවත් කළ ද කිසිඳු ප්‍රතිචාරයක් හෝ හමුවක් මෙතෙක් ලැබී නැති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගේ දැඩි අවදානය යොමු වී ඇති බවත් මෙම පිරිසට පත්වීම දීම සඳහා රාජ්‍ය කළමණාකරණ කමිටුවෙන් අනුමැතිය ගෙන නොමැති වීම නිසා පත්වීම් තමන්ට දුන්හොත් පෞද්ගලික මුදලින් වැටුප් ගෙවීමට සිදුවන බවයි.

මෙම කළමනාකරණ අභ්‍යාසලාභීන් තෝරාගැනීම ආරම්භයේ සිට වැරදි ආකාරයට සිදුව ඇති බවත් විභාගයෙන් ඉහළින් සමත් වූ රැසකට පත්වීම් නොදුන් බවට සහ වරාය හිටපු සේවයන් ඔවුන්ට අසාධාරණයක් වන බවට මේ වන විටත් මානව හිමිකම් කොමිසමට ගොස් ඇති බවත් සභාපතිවරයා කීය.

You may like this video