"එයත් එක්ක නම් මොන විදිහකින්වත් වැඩ කරන්න බෑ ".. පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහිත චෝදනා පත්‍රයක්..

By Piyumika Jan 09, 2025 06:31 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ වෙත එම චෝදනා පත්‍රය භාරදී ඇත්තේ පසුගිය සිකුරාදා (3) දිනයේදී යි.

උපුල්වන් සේරසිංහ පවසා ඇත්තේ, ෂෙමාල් ප්‍රනාන්දු සමග කිසිඳු තත්ත්වයක් යටතේ වැඩ කිරීමට නොහැකි බවයි.

චක්‍රලේඛය බල්ලට ගියාවේ කියලා කෝටි ගණනින් අතිකාල දීමනා අරන්..

චක්‍රලේඛය බල්ලට ගියාවේ කියලා කෝටි ගණනින් අතිකාල දීමනා අරන්..

තම සංගමය සහ ඊට අනුබද්ධ තවත් සමාජ හතක නිලධාරීන් ඔහුට විරුද්ධත්වය පළකර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අමාත්‍යවරයා වෙත පිටු 134කින් යුත් ලිඛිත සාක්ෂි සහලේඛන ඉදිරිපත් කර ඇති බව සඳහන්.

ක්‍රීඩා නීතිය උල්ලංඝනය කිරීම සහ මෙරට ඔටෝමොබයිල් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා ඔහු විසින් සිදුකර ඇති බව කියන ප්‍රබල බලපෑම් ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වී ඇති අතර ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා අසත්‍ය බව ඔප්පු කිරීමට එහිදී ඔහුට නොහැකි වූ බවයි සේරසිංහ සඳහන් කර ඇත්තේ.

චෝදනා පත්‍රය පිරික්සීමෙන් පසු ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵලය ඉදිරියේදී දැනුම් දෙන බවට අමාත්‍යවරයා තමන් ඇතුළු පිරිසට සහතික වූ බව සේරසිංහ පවසා තිබෙනවා.

අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඥානසාර හිමිට සිරදඬුවමක්..

අපහාසාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ඥානසාර හිමිට සිරදඬුවමක්..

ඔහු පවසන පරිදි, දැනට අත්හිටුවා ඇති ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයට අනුබද්ධ සියලුම ක්‍රීඩා සමාජ ඒකමතික තීරණයක් ගෙන ඇත්තේ ෂෙමාල් ප්‍රනාන්දු අදාළ තනතුරේ කටයුතු කරනතුරු ඔවුන් මෙරට මෝටර් රථ ධාවන සඳහා සම්බන්ධ නොවීමටයි.

ඒ බව ඔවුන් වාචිකව සහ ලිඛිතව අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

ගැටලුවට සාවධානව සවන් දී ඇති අමාත්‍යවරයා පවතින නීතිමය ගැටලු විසඳන තුරු ක්‍රීඩාව පවත්වාගෙන යෑමට සමාජ හතෙන් සාමාජිකයන් දෙදෙනෙකු බැගින් වන පරිපාලන කමිටුවක් පිහිටුවන බවට තමන් ඇතුළු හිටපු නිලධාරීන්ට පොරොන්දු වූ බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

You may like this video