පූජා භූමි වල සතුන් සංගණනයට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය

By Shehan Mar 10, 2025 02:30 AM GMT
Report

කෘෂි බෝග සඳහා හානි කරන සතුන් බහුලව ගැවසෙන පූජා භූමි ඇතුළු ප්‍රදේශවල එම සතුන් සංගණනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) එම්.ජී. අජිත් පුෂ්ප කුමාර පැවසීය.

රිළවා, වඳුරා, මොනරා සහ දඬුලේනා යන කෘෂි බෝගවලට හානි කරන සතුන් සංගණනය මෙමස 15 වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් දිවයින පුරා කිරීමට කටයුතු යොදා තිබේ.

දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්!

දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්!

පූජා භූමි ආශ්‍රිතව රිළවා ආදී සතුන් බහුලව ගැවසෙන බැවින් එම සතුන් ගණනය කිරීමට විශේෂ කණ්ඩායම් යොදවන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

සත්ව සංගණනයට අදාළ අයදුම්පත්‍ර මේ වනවිට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බෙදා අවසන් බවද ඔහු කීවේය.

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්

ගෘහස්ථ හිංසනයට තවදුරටත් ඉඩක් නෑ - අමාත්‍ය විජිත හේරත්