පාර්ලිමේන්තුවේ ආචාර්ය ගැටලුවට තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකු CIDයට..

Report

 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

අද කාලේ කාව විශ්වාස කරන්නද දෙවියනේ..ලගම ඉන්න නොහිතන අයම මාරයෝ වෙන කොට..

අද කාලේ කාව විශ්වාස කරන්නද දෙවියනේ..ලගම ඉන්න නොහිතන අයම මාරයෝ වෙන කොට..

සිද්ධියට අදාළව වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු කරන සභා ලේඛන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය දෙකකට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක් වුණා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියත් සයිබර් ප්‍රහාරකයන් අතට..

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියත් සයිබර් ප්‍රහාරකයන් අතට..

තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් සිදු කළේ ද ඉන් අනතුරුවයි.

You may like this video