රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියත් සයිබර් ප්‍රහාරකයන් අතට..

By Piyumika Dec 31, 2024 02:57 AM GMT
Report

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

රාජ්‍ය සේවකයින්ගෙන් රජයට ඉල්ලීමක්..

රාජ්‍ය සේවකයින්ගෙන් රජයට ඉල්ලීමක්..

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය.

මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.

එතකොට මේකද හේතුව..ඇති වූ විරෝධයට මාලිමා මන්ත්‍රීගෙන් පිළිතුරු ..

එතකොට මේකද හේතුව..ඇති වූ විරෝධයට මාලිමා මන්ත්‍රීගෙන් පිළිතුරු ..

කෙසේවෙතත් මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ යූ ටියුබ් නාළිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

You may like this video