අද කාලේ කාව විශ්වාස කරන්නද දෙවියනේ..ලගම ඉන්න නොහිතන අයම මාරයෝ වෙන කොට..

By Piyumika Dec 31, 2024 02:16 AM GMT
Report

දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (30) එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලුවලින් සහ ගල්වලින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙකි.

මහා දහවල් මැද්දේ කල්ලියක් නිවසකට පැනලා කරපු අපරාධයක්..

මහා දහවල් මැද්දේ කල්ලියක් නිවසකට පැනලා කරපු අපරාධයක්..

මරණකරු ඔහුගේ දියණිය, පියා සහ බාල සහෝදරයා සමඟ ඉහත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

එහිදී තම පියා සහ සහෝදරයා සමඟ ඇති කරගත් ආරවුලකදී ඔවුන් දෙදෙනා විසින් පොලුවලින් සහ ගල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම අපරාධයට සම්බන්ධ අවුරුදු 46 හා 18 ක් වන පියා සහ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර පූඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මදුරන්කුලිය පොලිස් වසමේ කඩයාමට්ට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

බැංකුවක රැකියාවක් හොයපු ඔයා මේ ගැන දැනුවත්ද...

බැංකුවක රැකියාවක් හොයපු ඔයා මේ ගැන දැනුවත්ද...

එලෙස මියගොස් ඇත්තේ, කඩයාමට්ට, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ පුතා ඇතුළු පිරිසක් සමඟ ඇති කරගත් ආරවුලකදී සහෝදරියගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 38 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

You may like this video