ලොකු අවදානමක් මේ තොරතුරු දෙන්න එපා - රජයෙන් විශේෂ ඉල්ලීමක්

Report

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, පශ්චාත් ආපදා සහන සැපයීමේ නාමයෙන් ව්‍යාජ දත්ත රැස් කරන්නන් සහ ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙස ජනතාවට ඉල්ලීමක් කර ඇත.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආපදාවට පත් ජනතාවට සහන ලබා දෙන බවට පණිවිඩ සහ ආපදාවට පත්වූවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කරන කෙටි පණිවිඩ WhatsApp, Facebook වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන බවට නිරීක්ෂණය වී ඇති බවයි.

ඒ අනුව, එවැනි ව්‍යාජ පණිවිඩ සඳහා නොරැවටෙන ලෙසත්, පුද්ගලික තොරතුරු එවන් පාර්ශව වෙත හුවමාරු නොකරන ලෙසත් ජනතාවට අමාත්‍යංශය උපදෙස් දී ඇත.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය තවද සඳහන් කරන්නේ, ආපදා සහන සඳහා අවශ්‍ය දත්ත රැස්කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත ක්ෂේත්‍ර නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන් හරහා විධිමත් ලෙස සිදු කරන බවයි.

එමෙන්ම, රටේ සියලු ජනතාව දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල පරාසය තුළ ඔවුන් නැවත වරක් වින්දිතයින් බවට පත්කිරීම වැළැක්වීම සඳහා, වංචන සහ ජාවරම් සිදු කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසයි.

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය ගැන දැනුම් දෙයි