ඇමරිකාවයි චීනයයි එකතු වෙයි? ට්‍රම්ප් චීන ජනපති සමග සංවාදයක

Donald Trump Xi Jinping Taiwan Latest Headlines Sinhala news
By Ashfa Aug 17, 2025 01:42 PM GMT
Ashfa

Ashfa

Report

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයේ සිටින තාක් කල් චීනය තායිවානය ආක්‍රමණය නොකරන බව චීන ජනාධිපති ෂී ජින්පින් තමාට පැවසූ බව ප්‍රකාශ කර තිබේ.

ජනපති ට්‍රම්ප් ඊයේ(16)දිනයේ ෆොක්ස් නිවුස් හා පැවැත්වූ සම්මුඛ සාකච්ජාවක් අතරතුර මේ බව ප්‍රකාශ කර ඇත.

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය සඳහා බලයට පත් වූ පසු ජුනි මාසයේදී ෂි ජින්පින් හා ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් ඇතිවූ බවත් එහිදී චීන ජනාධිපතිවරයා තමාට මේ ආකාරයෙන් පැවසූ බවත් ඔහු සදහන් කරයි.

නමුත් දිගින් දිගටම චීනය තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන නමුත් චීනයේ මෙම ප්‍රකාශයට තායිවානය සම්පුර්ණයෙන්ම විරුද්ධ වේ.

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ජනපති අනුර ජපානයට යන්නේ කතානායකගේ උපාධි සහතිකේ ගේන්නද?

ඇමරිකාවේ වොෂින්ටනය තායිවානයේ ප්‍රධාන අවි සැපයුම්කරු සහ ජාත්‍යන්තර අනුග්‍රාහකයා වන නමුත් අනෙක් රටවල් මෙන් එක්සත් ජනපදය සමග තායිවානයට විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැත.

කෙසේ නමුත් ජෝ බයිඩන්ගේ සමයේ එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි විසින් තායිවානයේ සංචාරය කිරීමත් සමඟ චීනය විසින් එක්සත් ජනපදය හා තායිවානය අතර මිත්‍රත්වය දිගින් දිගටම ප්‍රතික්ෂප කරන ලද අතර තායිවානය සිය අභ්‍යන්තරික කටයුත්තක් වශයෙන් සලකන ලදී.

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය මෙන්න

මෙම සංචාරයට ප්‍රතිචාර දකින් චීනය විසින් තායිවාන් සමුද්‍ර සිමාවේ දින ගණනාවක හමුදා පුහුණුවක් දියත් කළ අතර තායිවානය හා සම්බන්ධ වෙළඳ භාණ්ඩ, ආහාර සමාගම් 100 කට වැඩි ගණනකින් ආනයනය කිරීම තහනම් කරන ලදී.