සුභ ආරංචියක් මෙන්න - ලබන මාසේ ඉදලා ආයෙත් විශ්‍රාම වැටුප් දෙනවලු

Report

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි.

මොන තරම් ඛේදවාචකයක්ද දියේ ගිලී 257ක් මරුට

මොන තරම් ඛේදවාචකයක්ද දියේ ගිලී 257ක් මරුට

එම ක්‍රියාවලිය සදහා ඊට සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම මේ වනවිට සිදුවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.

මෙම ක්‍රියාවලියේදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව සිදුකිරීම සුදානම් කර ඇත.

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

වැඩිදුරටත් සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසන්නේ පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය අඩාල වන අවස්ථාවේදී ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවය.

ඉසුරුපාය වටලන විරෝධතාවයක්

ඉසුරුපාය වටලන විරෝධතාවයක්

එම නිසා යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි පරණ ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.