චීනෙන් අලුත් මෙහෙයුමක් - අභ්‍යවකාශ මධ්‍යස්ථානයට කළු මීයොත් යවලා

Report

හෙවන්ලි පැලස් (Heavenly Palace) හෙවත් දිව්‍ය මාලිගය වශයෙන් හැඳින්වෙන චීනයේ ටිඇන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත 'Shenzhou-21' අභ්‍යවකාශ මෙහෙයුම දියත් කිරීමට චීනය ඊයේ (31) දින කටයුතු කර ඇත.

මේ සඳහා ලෝන්ග් මාච් (Long March-2F) වර්ගයේ රොකට්ටුවක් යොදාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම වයඹදිග චීනයේ ජිවුක්වාන් ප්‍රදේශයේ පිහිටි චන්ද්‍රිකා දියත්කිරිමේ මධ්‍යස්ථානයේ සිට දියත්කර ඇති බව වාර්තා වේ.

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියන් සාගරයේ ප්‍රබල භූමිකම්පාවක්

මෙහෙයුම අජටාකාශගාමීන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එහි විශේෂත්වය නම් ඒ සඳහා චීනය මෙතෙක් අභ්‍යකාශයට යැවූ ළාබාලතම අජටාකාශගාමියා ද එක්වීමයි.

ඔහු තිස් දෙහැවිරිදි (32) වූ-ෆෙයි නම් වූ ඉංජිනේරුවෙක් වේ. එසේම මෙම පිරිස සමග කළු මීයන් සිව්දෙනෙක් ද පළමුවරට එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

ඒ විශේෂ තත්ත්ව යටතේ සිදුකරන සත්ත්ව ප්‍රජනනය ඇතුළු පර්යේෂණ කිහිපයක් සඳහායි.

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් වෙයිද ?