ආයෙත් ඉහළ යන රන් මිල - නවතම මිල ගණන් මෙන්න
පසුගිය දිනවල ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමත් සමඟ මේ දිනවල ශ්රී ලංකාවේ රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දැක්වේ.
ඒ අනුව ඉකුත් සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනට වඩා පහළ ගොස් ඇති බවට වාර්තා වුණා.
ඒ වාර්තා මත ඊයේ දිනයට සාපේක්ෂව අද දින රන්මිලේ යම් වර්ධනයක් දැකගත හැකි වේ.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,224,577.00ක් වශයෙන්.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 43,200.00ක් ලෙසත්
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 39,600.00ක් සහ රුපියල් 37,800.00ක් ලෙසත් සටහන් වුණා.

කෙසේ වෙතත් මෙම මිල තත්ත්වය රත්රං වෙළෙඳපොළේ වෙනස් විය හැකි හෙයින් මිලදී ගැනීමට පෙර හෙට්ටිවීදිය රන් වෙළෙඳස්ථානවලින් තහවුරු කිරීම වඩාත් සුදුසු වේ.