එක්වරම ලැබුණු ආරංචිය. - කුකුළු මස් හා බිත්තර මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

Mahinda Amaraweera Ministry of Agriculture Egg Sri Lanka Market
By Wayomi Sep 11, 2024 03:22 AM GMT
Wayomi

Wayomi

Report

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.

ලංකාවේ කට්ටියත් මඟ බලන් හිටපු අලුත් Apple iPhone 16 මිල ගණන් මෙන්න.


මේ වනවිට රටේ දෛනික බිත්තර නිෂ්පාදනය මිලියන 07-08 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම දෛනික බිත්තර පරිභෝජනය ද ඊට සමාන ප්‍රමාණයකින් වර්ධනය වී තිබේ. දෛනිකව රටට අවශ්‍ය බිත්තර සමස්ත ප්‍රමාණයම රට තුළ නිපදවීමට හැකිවී ඇති බැවින් අද දිනය වන විට බිත්තර මිල ගණන් රුපියල් 38-42 දක්වා වූ මට්ටමට අඩු වී ඇත.

එමෙන්ම කුකුළු මස් නිෂ්පාදනය ද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට රට තුළ කුකුළුමස් අතිරික්ත නිෂ්පාදනයක් දක්වා වර්ධනය වී තිබේ. දෛනික කුකුළු මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 500ක් පමණ වුවද, දෛනික කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි. - ස්ථිරයි. - රු. 55,000ක් සමඟ මාසික ජීවන වියදම් දිමනාව රු 25,000ක්.


මේ අතර පසුගිය කොවිඩ් සමයේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව කුකුළු ගොවිපොළ 3000ක් පමණ වැසී ගිය ද මේ වනවිට එම කුකුළු ගොවිපළවල් සියල්ල ද නැවතත් සක්‍රියව පවතී. එමෙන්ම සියලු කුකුළු ගොවිපොළවල උපරිම ධාරිතාවයට කුකුළු පැටවුන් යොදා ඇති බැවින් දෛනික කුකුළු මස් නිෂ්පාදනයේ සීග්‍ර වර්ධනයක් වී ඇත.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 65ක් දක්වා වැඩි වූ බිත්තර මිල රුපියල් 38-42 දක්වා අඩුවීම මෙන්ම කුකුළු මස් කිලෝව රුපියල් 1750 සිට මේ වනවිට රුපියල් 850-975 දක්වා ප්‍රමාණයට අවම වී තිබෙනවා.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

දිවයිනේ සියලුම පාසල් වැසීමට පෙර හදිසියේම පාසල් කිහිපයක් හෙට වැසෙයි. - එම පාසල් මෙන්න.

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?

සැප්තැම්බර්16 -17 නිවාඩුවට අමතරව තවත් දවස් 3ක් දිවයිනේ සියලුම පාසල් වලට නිවාඩු?


2022න් පසු රජය විසින් කුකුළු නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

නමුත් පසුගිය කාලයේ බිත්තර මිල ඉහළ නැංවීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කිරීම නිසා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබීය. නමුත් ව්‍යාපාරික ප්‍රජාව තම හිතුමතයට බිත්තර මැලි වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගිනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

රනිල්ගේ ථෙරවාදී ආර්ථිකයකය ගැන අහන්න ගිය Young ජෙනරේෂන් එකට වෙච්ච වැඩේ.- මාලිමාවේ යෝජනා සමඟ අයවැය හැදුවොත් කොහොමද? - (VIDEO)

රනිල්ගේ ථෙරවාදී ආර්ථිකයකය ගැන අහන්න ගිය Young ජෙනරේෂන් එකට වෙච්ච වැඩේ.- මාලිමාවේ යෝජනා සමඟ අයවැය හැදුවොත් කොහොමද? - (VIDEO)