අඳුරු ඉතිහාසයක වළකට ගිය මතකයන් – චෙම්මනි සමූහ මිනී වළ ඛේදවාචකය
ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ තවමත් නොවිසදුණු , සාධාරණයක් නොලැබූනු සහ සත්‍යය වසාදමා ඇති අභිරහස් බොහෝය.
අපි තමයි රට බේරාගන්න ආව සුරදුතයෝ කියන පාලකයන් යටතේම, නීතිය නොතකා, මිනිස් ජීවිත අකාලේ මකාදැමූ කාලයක් තිබුණා යන්න බොරුවක් නෙමෙයි.
එවන් අපරාධයක් තමයි චෙම්මනි සමූහ මිනී වළවල් කියන්නේ.
චෙම්මනි කියන්නේ යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තියෙන සුන්දර ගම්මානයක්.
1998 දී ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවකු වුනු සෝමරත්න රාජපක්ෂ විසින් අධිකරණයේදී කරන ලද පාපොච්චාරණයකින් පසුව ලෝකය පළමුවරටම මේ සමූහ මිනී වළවල් ගැන දැනගන්නවා.
මොකක්ද පාපොච්චාරණය ?
සෝමරත්න රාජපක්ෂ ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු විසින් ක්‍රිෂාන්ති කුමාරස්වාමි කියන දමිළ පාසල් දැරියක්ව කිසිම හිතක් පපුවක් නැතිව සමුහ දූෂණය කරලා මරලා වල්ලනවා.
ඔව්.. පාසල හැරී දරුවා නිවසට නාපු නිසා දරුවගේ අම්මා යනවා දරුවාව හොයාගන මොකද දරුවාගේ තාත්තා නැහැ මියගිහින්. තනිවම හැදු ගැහැණු දරුවා තාම ගෙදර ආවේ නැති නිසා කලබල වෙන මව ක්‍රිෂාන්ති සොයා යනවා. හැබැයි ඒ යන මවත් නැවත එන්නේ නෑ. මොකක්ද වුණේ බලන්න තව පුද්ගලයෙක් යනවා ඔහුත් නෑ.ඔහොම කිහිප දෙනෙක් යනවා.
යන කවුරුත් ආයේ ආවේ නැහැ. අවසානයේ මේ ගැන සිදුවූ පරීක්ෂණ වලින් සෝමරත්න රාජපක්ෂ ඇතුළු සෙබළුන් 6 දෙනා ඔවුන් මරා දමා චෙම්මනිහි වලදැමූ බවට පාපොච්චාරණය දෙනවා.
හරි..ඒත් ඇයි එතනම වලදැම්මේ?
මේ ප්‍රශ්නයට උත්තර දෙමින් සෝමරත්න රාජපක්ෂ කියනවා එම ස්ථානයේම 1995 - 1996 වර්ශ වලදි රජයේ හමුදා විසින් යාපන අර්ධද්වීපය ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමෙන් පසු අතුරුදන් වූ දමිළ ජනයා මරා චෙම්මනි ගම්මානය අසළ වළදමා ඇති බවත් එතන අපිත් වලදැම්මොත් අහු නොවෙන නිසා බවත් . පසුව කල පරීක්ෂණයේදී සිරුරු 500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට වාර්තා වුණා.
මෙම සමූහ මිනිවළවල් පසුපස හමුදා නිළධාරීන් 20 දෙනෙකු පමණ සිටින බවද එහිදි හෙළි වුණා. මෙලස මරා දැමුනු දමිළ ජනයා අතර යාපනය ප්‍රදේශයේ රාජ්‍ය සේවකයෙකු වූ සෙල්වරත්නම් මහතා, අරියාලෙයිහි තරුණයින් දෙදෙනෙකු මෙන්ම මැදි වයස් යුවල් කිහිපයකටද මරණය අත් වූ බවද හෙළිවුණා.
දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
ත්‍රස්තවාදය කියලා ලේබල් ගහලා තමන්ට අවශ්‍ය අරමුණු සදහා සාපරාධී ක්‍රියාවන් කරගන්න නිතිය අවභාවිතා කිරීමක්. මේ සාක්ෂි හමුවීමෙන් පස්සේ 1999 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර නීරීක්ෂකයන්ගේ අධීක්ෂණය යටතේ කැණීම් ආරම්භ වෙනවා.
මාස 9ක් පුරා පැවතුනු ඒ කැණීම්වලින් සිරුරු 15ක් හමු වෙනවා වගේම, එමගින් දෙදෙනකුගේ හඳුනාගැනීමකින් ඒ 1996 වසරේ අතුරුදන් වුන තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු බව ඔප්පු වෙනවා.
මෙච්චර අපරාධ කරපු අර හමුදා නිලධාරීන්ට මොකද වෙන්නේ?
මොකුත් නැහැ මේ විදිහට හමු වූ සිරුරු වලට අදාළව හමුදා නිළධාරීන් 07 දෙනාට එරෙහිව චෝදනා ගොනු වුනත් අවසානයේදි අදාළ විත්තිකරුවන් සියළුම දෙනා ඇප මත නිදහස් කරනවා.
2025 පෙබරවාරි මාසයේදී, නැවත කැණීම් ආරම්භ වෙනවත් එක්කම අලුත් සොයාගැනීම් වෙනවා. මිනිස් හිස් කබල් 17ක්, මිනිස් ඇටසැකිලි 5ක්, සහ පාසල් බෑගයක් සහ ඇඳුම්වලින් හඳුනාගත හැකි ලෙස, මාස 10කටත් අඩු දරුවෙකුගේ සිරුරක් හමුවෙනවා.
සියල්ලන්වම ත්‍රස්තවාදීන් කියලා බේරෙන්න හැදුවත් මාස 10 බිලින්දා මොකක්ද කලේ ? එයා කොහොමද රටට තර්ජනයක් වුණේ ?
දකුණේ 88–89 කාලය තුළ සහ උතුරේ යුද්ධ සමයේදී නිදහස් මිනිසුන් දේශපාලන ලේබල් යටතේ වධ දැමීමේ සහ මැරීමේ ඉතිහාසයත් සමග මේ වගේ චෙම්මනි, මන්නාරම්, මිරුසුවිල්, සහ බටලන්ද වැනි තැන්වල සාක්ෂි ඉතාමත් වැදගත්.
නවතම තත්ත්වය මොකක්ද ?
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් වලින් මිනිස් සිරුරු 24 කට අදාළ අස්ථි කොටස් මේ වන විට මතුකර ගැනීමෙන් පසු කැණීම් නිළධාරීන් කියන්නේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ තෙවැනි අදියරේ කැණීම් කටයුතු දෙවැනි දිනට (ජුනි 27 වැනිදා) ක්‍රියාත්මක කරපු බවයි.
අධිකරණ නියෝග යටතේ කැණීම් ස්ථානයේ කැනීම් කටයුතු තෙවැනි අදියර (ජුනි 26 වැනිදා) නැවත ආරම්භ කරපු බවද කැනීම් නිළධාරීන් කියනවා මෙම ස්ථානයේ තෙවැනි අදිරේ කැණීම් කටයුතු දින 15 ක් පැවැත්වීමට නියමිත ය.
කැණීම් නිළධාරීන් දෙවැනි අදියරේ කැණීම් කටයුතු අවසානයේදී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කළේ තවත් දින 45 කට ආසන්න කාලයක් තෙවැනි අදියරේ කැණීම් කිරීමට අවසරය ලබාදෙන ලෙසයි. '
කිසිදු වරදක් නොකර ත්‍රස්තවාදීන් යැයි ලේබල් ගසා මරා දැමු අහිංසකයන්ට සාධාරණය ඉටු වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.













