ඊළඟ අවුරුද්දේ ඕස්ට්‍රේලියාවට යන්න හිතන් ඉන්න අයට සුබම සුබ ආරංචියක්
By Kaushi
එළඹෙන වසරේ අගෝස්තු 25 වන දින සිට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිල අඩු ප්‍රවේශ පත්‍ර සහිත ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, ඒ ඔස්සේ සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් ලක්ෂයකට වඩා අඩු මිලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවද පවසයි.