හෙට සහ අනිද්දා නොමිලේ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දෙන සේවාවක්
"දිට්වා" සුළි කුණාටුව නිසා ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 193 දෙනෙකුගේ මරණ ලියාපදිංචි කිරීමේ සහතික නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඉකුත් 2 වන දින රජය මඟින් නිකුත් කරනු ලැබූ විශේෂ ගැසට් නිවේදනයට අනුව හදිසි ආපදා තත්ත්වයක් නිසා අතුරුදන් වූ පුද්ගලයකු සති 2කට පසුවත් යම් තොරතුරක් නොලැබෙන්නේ නම් ඔහුට හෝ ඇයට මරණ ලියාපංචි කිරීමේ සහතිකයක් නිකුත් කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුවත් කළා.
එබැවින් මෙම ආපදා තත්ත්වය නිසා මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයින් 203 දෙනෙකුට රජයෙන් ලබා දෙන වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමේ අරමුණින් මෙම සහතික නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය විධිවිධාන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම ව්‍යසනය නිසා පුද්ගලයකු, ඥාතියෙකු හෝ මිතුරකු අතුරුදන් වී ඇති බවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා තහවුරු කරන්නේ නම් එම දිස්ත්‍රික් නියෝජ්‍ය රෙජිස්ටාර් වෙත මරණ ලියාපදි කිරීමේ සහතික නිකුත් කිරීමේ බලය පවරා ඇත.
එමෙන්ම ආපදාවට ලක් වූ අතුරුදහන් වු පුද්ගලයා සම්බන්ධයෙන් විරෝධතා මතු නොවන්නේ නම්, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය වෙනුවෙන් අයදුම්පත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් බලය පවරන ලද ප්‍රාදේශීය නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අදාළ අනුමැතිය අනුමත කරනු ඇති බව සඳහන්.
ඊට අමතරව මධ්‍යම පළාතේ පුද්ගලයින් වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම, අතුරුදන් වූවන්ගේ මරණ සහතික නිකුත් කිරීම ඇතුළු සේවා සැපයීමේ විශේෂ ජංගම සේවාවක් හෙට (13) සහ අනිද්දා (14) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර මධ්‍යම පළාත් නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් තරංගා සුභාෂිණී මහත්මිය පැවසුවේ එම සියලු සේවා එම අවස්ථාවේ දීම නොමිලේ සිදුකර දීමට පියවර ගෙන ඇති බවයි.
එසේම හානියට පත් වූ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දීම ද මෙම ජංගම සේවාව හරහා සිදුකිරීමට නියමිතයි.
එබැවින් හෙට (13) දිනයේ දී ජංගම සේවය පැවැත්වෙන ස්ථානය පහතින් දක්වා ඇත.
උඩහේන්තැන්න, අංක 1, දෙමළ මහා විද්‍යාලය, පරගල ජනපදයේ උදෑසන 9 සිට.
වැඩි විස්තර - 0812224470
එසේම අනිද්දා (14) දිනයේ දී ජංගම සේවය පැවැත්වෙන ස්ථානය පහතින් දක්වා ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -දොළුව උදෑසන 9 සිට
වැඩි විස්තර - 0812224470