චාවකච්චේරි නගර සභාව උණුසුම් වෙයි - මාලිමාවේ විරෝධතා මැද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් සම්මතයි

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසටත් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ කෙටුම් පත හකුළා ගන්නා ලෙසටත් වන යෝජනාවක් චාවකච්චේරි නගර සභාවේදී අද (26) දින සම්මත කරගෙන ඇත.

ඒ එහි සභාපති වී. ශ්‍රීප්‍රකාශ් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී බව වාර්තා වේ.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් උපසභාපතිවරයා මෙම පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ මූලික මිනිස් අයිතිවාසිකම් හකුළා දමන බව‍ සඳහන් කළා.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘෘරත්වයට මුහුණ දුන් ප්‍රජාවක් වශයෙන් මෙම පනත අහෝසි කළ යුතු බව ද ඔහු අවධාරණය ක‍ර ඇත.

මෙතන ඇති ටෙන්ඩර් මගඩියක් නෑ - ආන්දෝලනාත්මක ගල් අඟුරු ගැන අනිල්ගෙන් අලුත් කතාවක්

මෙතන ඇති ටෙන්ඩර් මගඩියක් නෑ - ආන්දෝලනාත්මක ගල් අඟුරු ගැන අනිල්ගෙන් අලුත් කතාවක්

එහිදී න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ නොහැකි බව පවසමින්, ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පළ කර තිබුණා.

කෙසේ වුවද ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා හැර සෙසු නියෝජිතයන් අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනාව අද (26) දින චාවකච්චේරි නගර සභාවේදී සම්මත කර ගෙන ඇත.

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට 27 හදිසි සාකච්ඡාවක් - හේතුව මෙන්න

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට 27 හදිසි සාකච්ඡාවක් - හේතුව මෙන්න

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි

සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් විතරයි - හිටපු පා. ම. සරත් වීරසේකර කට අරියි