පොල් සහ තැඹිලි මිලෙහි සීඝ්‍ර වෙනසක්. - 80 වට ගන්න පොල් කොළඹ සහ අනෙක් පැතිවල විකිණෙන මිල ගණන් මෙන්න.
By Wayomi
පොල් මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රු.180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.
මේ අතර කොළඹ ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රු.160ත් 200ත් අතර මිලකට අලෙවි වන අතර කුඩා පොල් ගෙඩියක් රු.120ත් 150 ත් අතර මිලකට අලෙවි වනවා.
අධික පොල් මිල අතර වෙළඳපොලේ පොල් හිඟයක් පවතින අතර පොල් ගෙඩියක් රු.80ත් 100ත් අතර තොග මිලකට වෙළෙඳුන් විසින් මිලදී ගන්නා බවයි පොල් වගාකරුවන් පවසන්නේ.