තරුණ දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක ගිණුමක් මං ඇස් දෙකටම දැක්කා...ගිණුම තියෙන තැනත් හෙළි කරයි..

Report

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කළේ, තරුණ දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක ගිණුමක් තමන් දෑසින් දුටු බවයි.

වරලත් ගණකාධිකාරි වරුනගේ 45 වන සමුළුවට සහභාගි වෙමින් ඇය කියා සිටියේ ඩුබාල් රාජ්‍යයේ එම ගිණුම ඇති බවයි.

ඇය තවදුරටත් සඳහන් කළේ, කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් මෙම තරුණ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවයි.

අදාළ දේශපාලඥයාගේ බැංකු ගිණුම් සම්බන්ධ වාර්තාවක් ලබා ගැනීමට යහපාලන රජයේදී විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්ව ගියත් කිසිදු ගිණුමක් ගැන තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවයි, එම සාකච්ඡාවට සම්බන්ධවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.