චමුදිතට සිදු වූ සිද්ධිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jun 23, 2024 05:08 AM GMT
Aruna

Aruna

Report

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචි පිළියන්දල වෑවල ක්‍රේම්බිජ් කෝට් නිවාස සංකීර්ණයේ ප්‍රදාන දොරටුව අසලට 20/06/2024 වන දින නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු රාත්‍රීයේ පැමිණ ඊට ඇතුල් වීමට උත්සාහ දැරූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කල අද වන විට දින 02ට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..

තනිකඩ තරුණයින්ට සතුටුදායක ආරංචියක්..ලස්සන ගර්ල් කෙනෙක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..


මීට ප්‍රථමද අවුරුදු දෙක හා මාරකට ප්‍රථම මෙම නිවාස සංකීර්ණයටම ඇතුලත් වී ඔහුගේ නිවසට නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කල අතර, අද වන තුරු මෙම ප්‍රහාරය සිදු කල පුද්ගලයින් සම්බන්දයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් පොලීසියට අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.

මෙම සිද්ධිය සැල වූ විගසම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පිළියන්දල පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු අරභා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී පිළියන්දල පොලීසිය විසින් මෙතෙක් කිසිදු CCTV දර්ශන පරීක්ෂා කිරීමක් කර නොමැති බවත්, ඔහු පදිංචි නිවාස සංකීර්ණයට ඇතුල් වූ යතුරුපැදිකරු හදුනා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..

හෙට සිට දින 03ක් දිවයින පුරා පාසල් වල කරන්න යන දේ..26 පාසල් වැසෙයි?..


ඔහුගේ නිවසට මීට ප්‍රථම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, පොලිස් කණ්ඩායම් හතරක් විසින් පරීක්ෂණ පවත්වන බවයි.

නමුත්, මෙම සිද්ධිය වූ අවස්ථාවේදී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ, මේ සම්බන්ධව පිලියන්දල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

පළවෙනි පැමිණිල්ලද දෙවනි සිදු වීමද , සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුව ක්‍රියාකරනු ලබන්නේ අපරාධකරුවන් සොයා ගැනීමට නොව අදාල CCTV දර්ශන වල කාලය ඉකුත් වී මැකී ගිය පසු පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට දැයි සැකයක් මතුවේ.

ඇතැම් CCTV දර්ශන ගබඩා කල හැක්කේ දිනක් හෝ දින දෙකක් පමණක් වන අතර, ඒ බව පොලිස් විමර්ශන කණ්ඩායම් ඉතාමත් හොදින් දැන සිටී.

වර්තමාන පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් මහතාද මාධ්‍යවේදීන් සමග ඉතා සුහදශීලීව කටයුතු කරන නිළධාරියෙකු වන ඔහු ද මෙම සිදුවීම සම්බන්ධයෙන් තවමත් නිහඬව සිටීම ප්‍රශ්නාර්ථයකි.

යුක්තිය යන විවිධාකාර නම් වලින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදන පොලීසිය බාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් මහතා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඩව සිටීම ප්‍රශ්නාර්ථයට හේතුවකි.

ලබන 27 සහ 28 දෙදින රටපුරා රතිඤ්ඤා දල්වා කිරි බත් කන්න යයි..හදිසියේම කරන්න යන දේ මෙන්න..

ලබන 27 සහ 28 දෙදින රටපුරා රතිඤ්ඤා දල්වා කිරි බත් කන්න යයි..හදිසියේම කරන්න යන දේ මෙන්න..


එම නාදුනන පුද්ගලයින් දෙපල ඇතුල් වීමට පෙර දින, මානව හිමිකම් ආයතනය කුඩු සල්ලි වලට යට උනාද යන්න ආන්දෝලනාත්මක ප්‍රකාශයක් චමුදිත විසින් සිදු කර තිබීම ද මෙම සිදුවීමට හේතුවක් දැයි සැකයක් මතුවේ.

කෙසේ වෙතත් කුමන පදනමක් මත පරීක්ෂණ කටයුතු හිතා මතා හෝ නොදනුවත්කමින් යටපත් කිරීමට පිළියන්දල පොලීසිය විසින් උත්සහ දරන බවක් බැලූ බැල්මට පෙනෙන බව සිතීම ද වරඳක් නොවේ.