සජිත් පිලට තවත් ප්‍රබලයින් පිරිසක් එක් වෙන්න යයි..රනිල්ගේ බලාපොරොත්තු බොඳවෙයි?..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර ඔවුන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් එකතුවීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙරට ප්‍රධාන වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්..මේ ගැන සැලකිල්ලෙන් ඉන්න..

මෙරට ප්‍රධාන වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්..මේ ගැන සැලකිල්ලෙන් ඉන්න..


එම පාර්ශවය දැඩි විශ්වාසයෙන් පසුවන්නේ, එම පක්ෂ දෙකම ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලැබෙනු ඇති බවටයි.

මේ අතර වාර්තා වන්නේ සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරයාගේ සහයට පැමිණෙන මන්ත්‍රීවරුන් ගණන සිව් දෙනෙකු දක්වා පහත වැටී ඇති බවයි.

මත්පැන් පාවිච්චි කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්..කරන්න යන අලුත්ම දේ මෙන්න.

මත්පැන් පාවිච්චි කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්..කරන්න යන අලුත්ම දේ මෙන්න.


එම පිරිස ද මේ වනතෙක් අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීමෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවය යම් අපහසුතාවයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.