තෙල් මිල වෙනස් වෙයිද - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නව තීරණයක්

Report

පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

මේ අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන පසුබිමක, මැදපෙරදිග ඇතිව ඇති අස්ථාවරත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ ගුවන් තොටුපළ 6කට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු, ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කරමින් සිටී.

මෙම අස්ථාවර තත්ත්වයත් සමඟ ගෝලීය ඉන්ධන මිල අද (23) වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

බ්‍රෙන්ට් වෙළෙඳපොළේ ඉන්ධන බැරලයක මිල සියයට 3ක වැඩිවීමක් සමඟ ඩොලර් 79කට ආසන්න වූ බව සටහන් විය.

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

ඇමරිකාවට එරෙහිව ලොවම වීදි බසී උද්ඝෝෂණ පිපිරෙයි

විශ්ලේෂකයන් පුරෝකථනය කරන්නේ, තෙල් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ, දේශීය වෙළෙඳපොළ තුළ මේ වන විට තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

කෙසේ වෙතත්, පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න වුවහොත්, ඇතිවන බලපෑම් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කරමින් සිටින බව එම සංස්ථාව සඳහන් කළේය.

සජින් වාස් ගුණවර්ධනටත් වරෙන්තු

සජින් වාස් ගුණවර්ධනටත් වරෙන්තු

එමෙන්ම, ගෝලීය තෙල් අර්බුදයේ බලපෑම 2025 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දේශීය වෙළෙඳපොළට බලපෑම් එල්ල කිරීමට ඉඩ ඇති බව ඔවුන් පුරෝකථනය කරයි.