රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් නිකුත් කළ රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පිළිගන්වන ලදී.

මෙම මුදල් නෝට්ටුව සංසරණය සඳහා යොදා ගන්නා සමරු නෝට්ටුවක් ලෙස නිකුත් කර ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 5 වැනි සමරු මුදල් නෝට්ටුව වේ.

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

“සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව යටතේ, ජාතික සංවර්ධනයට පදනමක් ලෙස ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා මහ බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින් මෙම මුදල් නෝට්ටුව නිකුත් කර තිබේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර සහ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්වරුන් ද එක්ව සිටියහ. 

චාමරගේ නඩුව යලි කැදවන්න දින

චාමරගේ නඩුව යලි කැදවන්න දින

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

පාසල් විෂය මාලාවට 'කොන්ඩම්' ඇතුළත් වේ

GalleryGallery