මැදපෙරදිග යුද ගින්නෙන් ලංකාවේ රුපියල පිළිස්සෙයි - රුපියල බේරාගන්න මහ බැංකුව ලොකු සටනක
2026 වසරේ මුල් මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත අනාවරණය කරයි.
ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට රුපියලේ අගය 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.
මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ 2026 පෙබරවාරි අවසන් භාගයේදී මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය ගැටුම්කාරී තත්ත්වය බව මහ බැංකුව පෙන්වා දෙයි. එම තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමවල බාධා සහ බලශක්ති මිල ඉහළ යාමත් සමඟ විදේශ විනිමය වෙළඳපොළ තුළ ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.
මෙම පීඩනය හමුවේ රුපියලේ ස්ථාවරතාවය රැක ගැනීම සඳහා මහ බැංකුව වෙළඳපොළට මැදිහත් වුවද, දළ නිල විදේශ සංචිත කෙරෙහි අභියෝගාත්මක තත්ත්වයක් ඇතිවී ඇති බවද වාර්තා වේ.
2026 මාර්තු අවසන් වන විට, චීන මහජන බැංකුව සමඟ ඇති විදේශ විනිමය හුවමාරු පහසුකම (Swap Facility) ද ඇතුළුව ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස පැවති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මාර්තු මාසයේදී ඉහළ ගිය විදේශ ණය සේවා ගෙවීම් හේතුවෙන් එම සංචිතය යම් අඩුවීමකට ලක්ව ඇති බවද වාර්තා වෙයි.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරි මාස කිහිපය තුළ ආනයන පිරිවැය තවදුරටත් ඉහළ යා හැකි අවදානමක් පවතින බවයි. එමෙන්ම රුපියලේ ඉදිරි ස්ථාවරත්වය තීරණය වන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ විදේශ ප්‍රේෂණ මගින් ලැබෙන විදේශ විනිමය ආදායම මත බවද ඔවුන් සඳහන් කරයි.