මහ බැංකුවෙන් රටටම සතුටුදායක ආරංචියක්.!!
ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටිනවා.
මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ජූලි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.7ක් බවට පත් වනවා.
ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් ලෙසයි,සැප්තැම්බර් මාසයේදී එය සටහන් වී තිබුණේ.
චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකම යටතේ ලබා දුන් ඩොලර් බිලියන 1.4ක මුදලද මීට ඇතුළත් බවයි පැවසෙන්නේ.