ලංවිමම හෙට ලෙඩ වෙයි, අසනීප නිවාඩු කල් ඇතුව
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තුරු අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් විසින් විරෝධයේ පළමු අදියර හෙට දින ආරම්භ කරන බව පවසා ඇත.
වාර්තා වන්නේ අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට දින විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බවයි.
මෙම විරෝධතාව සිදුවන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් අරමුණින් ගෙනා 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධන ඇතිව නැවත සම්මත කරගැනීමට වර්තමාන ආණ්ඩුවේ සූදානමක් ඇති බවට ප්‍රකාශ කරමින් බව සඳහන්.
එසේම හෙට දින පැවැත් වීමට නියමිත මෙම වෘත්තීය වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කර ඇති බව ද පවසයි.