2025 ජුනි මාසේ විදුලි ඒකකවල නව මිල ගණන් මෙන්න!

CEB Sri Lanka Electricity Prices Sinhala news Breaking News 2025 Update
By Shehan May 18, 2025 02:10 PM GMT
Shehan

Shehan

Report

ලංකා විදුලි බල මණ්ඩලය (CEB) පවසන්නේ, යෝජිත නව සංශෝධනය යටතේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතත්, එය 2025 මුලදී පැවති ගාස්තුවලට වඩා අඩු මට්ටමක පවතිනු ඇති බවයි.

නිවේදනයක් නිකුත් කරමින් CEB පවසන්නේ, 2014-2022 කාලය තුළ විදුලි ජනනය, සම්ප්‍රේෂණය, සහ බෙදාහැරීමේ පිරිවැය ඉහළ ගියද, එම කාලයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවයි. ඉන්ධන, ගල් අඟුරු, අමතර කොටස්, සහ නඩත්තු වියදම් ද මෙම කාලය තුළ නිරන්තරයෙන් ඉහළ ගියේය.

නව විදුලි ඒකකවල මිල ගණන් මෙන්න

නව විදුලි ඒකකවල මිල ගණන් මෙන්න

මෙලෙස ඉහළ ගිය පිරිවැය මණ්ඩලය විසින් සම්පූර්ණයෙන් දරා ගැනීම හේතුවෙන්, විශාල ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීමට සිදුවීම, දැන් ණය අර්බුදයක් දක්වා උත්සන්න වී ඇති බව නිවේදනයේ සඳහන් වේ.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ වන්නේ, අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කර ගැනීම, ණය අර්බුදය කළමනාකරණය කිරීම, සහ සැපයුම්කරුවන්ට නියමිත වේලාවට ගෙවීම් සිදු කිරීමයි.

අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට හානි නොකර, ආරක්ෂිත, විශ්වාසනීය, සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සියලු ලාංකිකයන්ට ලබා දීම මෙම සංශෝධනයේ මූලික අරමුණ බව CEB පවසයි.

ඉස්සරහට නැති වෙන්න යන කෑම

ඉස්සරහට නැති වෙන්න යන කෑම

විදුලි සැපයුම හැකි තරම් පහසු මිලකට ජනතාවට ලබා දීම, දිගුකාලීන ප්‍රතිසංස්කරණ හරහා අඩු වියදම් බලශක්ති ප්‍රවාහයන් හඳුන්වා දීම, සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් පිරිවැය අඩු කිරීම තුළින් බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ලංකා විදුලි බල මණ්ඩලයේ අරමුණ බව නිවේදනයේ සඳහන් වේ.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වු ඒකකයක මිල රුපියල් 4යි සත 75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6ක් වූ ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බවත් සදහන් වේ.

ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන ඒකකයක මිල රුපියල් 16යි සත 60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමටද යෝජිතය.

ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන ඒකකයක මිල රුපියල් 23යි සත 65ක් දක්වා සහ රුපියල් දහසක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන ඒකකයක මිල රුපියල් 39යි සත 5ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් සඳහන් කර තිබේ.

එමෙන්ම රුපියල් 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිත අතර ඒකක 181ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 61යි සත 55 ක් දක්වා සහ රුපියල් 2,000ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 2,370ක් දක්වා වැඩි කිරීමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත.

ReeCha