පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන්නැයි ලංවීමට බලශක්ති අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු ලබන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඒ අනුව වාර්තා වූයේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම් වෙත පැවරීමට කටයුතු කරමින් සිටින බව පවසයි.

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙන් නිල දැනුම්දීමක් - මේ රැකියාවලට බඳවා ගන්නවා

ඒ අනුව එම සමාගම්වලට කාර්යමණ්ඩලය යොමු කිරීම ද මේ වනවිට සිදුකර ඇති අතර ඊට අකමැති පුද්ගලයින්ට සිය කැමැත්තෙන් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

එබැවින් සේවකයින් 2,173 දෙනෙක් විශ්‍රාම යාම සඳහා ඉල්ලුම් කර ඇත.

එම පුද්ගලයන් සඳහා අදාළ වන්දි මුදල් ලබාදීමේ කටයුතු පෙබරවාරි මස පළමු සතිය තුළ අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.

එබැවින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීම සිදුවන අතර අනතුරුව එහි කටයුතු නව සමාගම් 06ක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි.

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

අද දින සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන නව බදු ව්‍යුහයක් - බද්ද 18% දක්වා ඉහළට

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න