අනිල් කියන විදිහට මහ බැංකුව ආයෙත් රටට කෙළවයි වගේ ඒ නිසා මෙහෙම කරමු, දයාසිරිගෙන් ලියුමක්

Central Bank of Sri Lanka Sri Lanka Economic Crisis Dayasiri Jayasekara Anil Jayantha Fernando Sinhala news
By Kaushi Aug 21, 2025 09:47 AM GMT
Kaushi

Kaushi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද (21) දින කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මන්ත්‍රීවරයා මෙසේ ලිපියක් යොමුකරමින් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට පියවර ගන්නා මෙන් ඉල්ලා ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායකවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් වූයේ,

හිතක් පපුවක් නැතුව කරපු අපරාධෙට මරණ දඩුවම

හිතක් පපුවක් නැතුව කරපු අපරාධෙට මරණ දඩුවම

" පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත කැඳවීම මුදල් අච්චු ගැසීම පිළිබඳව, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ නිවේදනයට පසුගිය අඟහරුවාදා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් පිළිතුරු ලබාදෙන ලදී. ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීමක් සිදු කර නැති බවත්, එහි වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවතින බවත් එතුමා පැවසීය. මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර පැවති ගැටුම 2022 ආර්ථික අර්බුදයට මුලික හේතුවක් විය. මහ බැංකුව විසින් අත්තනෝමතික ලෙස මුදල් අච්චු ගැසීම හා එය පාර්ලිමේන්තුවේදී දේශපාලනඥයින් විසින් ආරක්ෂා කිරීම තුල බංකොලොත් භාවට පත්වන තුරුම කිසිවෙකුට ඒ ගැන හැඟීමක් හෝ නොවීය. අදත්, මහ බැංකුව කටයුතු කරමින් ඇත්තේ ඒ ආකාරයෙන් බව නියෝජ්‍ය මුදල් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

ලංකා මහ බැංකුව උද්ධමනය ඉහළ නැංවීම සඳහා රු. බිලියන 1,427.9 (රු ට්‍රිලියන 1.4) කින් මුදල් සැපයුම ප්‍රසාරණය කර ඇති නමුත්, මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී පූර්වකථනය කළ ඉලක්ක කරා තවමත් ලඟාවී නැත. ස්ථාවර නියෝග අංක 121 යටතේ ස්ථාපනය කර ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ කාරක සභාව වෙත ත්, පාර්ලිමේන්තුවටත් මෙම කරුණු වාර්තා කිරීම මහ බැංකුවේ සහ මුදල් අමාතයාංශයේ වගකීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය යටතේ වන එම වගකීම මේ දක්වා ඉටු කර නැත. මුදල් අමාත්‍යාංශයේ හෝ ආණ්ඩුවේ ඉල්ලීමකින් තොරව ගරු අමාත්‍යතුමා ප්‍රකාශ කළ පරිදි මහ බැංකුව විසින් මුදල් අච්චු ගසා ඇති නම් එය අපරාධමය වරදකි. 2024 අංක 45 දරන ආර්ථික පරිවථන පනතේ අපෙක්ෂා ඉක්මවා යාමකි. පුළුල් මුදල් සැපයුම, මුදල් අච්චු ගැසීම හා මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී පූර්ව කථනය කළ ඉලක්ක වෙතලඟා වීමට අසමත් වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හැකි ඉක්මනින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ කමිටුව වෙත කැඳවීමට පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි." යනුවෙන්.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි