කාදිනල් රංජිත් හිමිට සමාජ මාධ්‍යයෙන් එල්ල වන අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ලයෙන් විශේෂ නිවේදනයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය සඳහා ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහාය පළ කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ මෑතක සිට සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ ඇතැම් පූජාප්‍රසාදීන් වහන්සේලාට අපහාස වන අන්දමින් ද්වේෂසහගත සහ අසත්‍ය මත ප්‍රචාරය කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ දරමින් සිටින බවයි.
එහි මූලික අරමුණ ලෙස කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ මීට වසර හතකට පෙර 2019 අප්‍රේල් 21වන දින සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමයි.
ඒ අනුව කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීමට පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නා බවට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය මඟින් දැඩිව හෙළා දකින අතර, කතෝලික ශාසන නීතිය පිළිබඳව ජනතාව නොමඟ යැවීමට දරන පිළිකුල් සහගත උත්සාහයන් සම්බනධයෙන් ද අප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.
එමෙන්ම එම නිවේදනයෙන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක්ද සිදුකර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව,
රටක් හොල්ලපු මෙහෙයුම - පා. මන්ත්‍රීනියකගේ නිවසින් ඩො. මිලියන 57 ක මුදල් සහ පිරිසිදු රත්‍රන් කිලෝ 27න් කරපු රන් ආලේපිත යට ඇඳුම් හමුවෙයි - අත්අඩංගුවට
ශාසන නීතිය (කැනන් නීතිය 401): කතෝලික සභාවේ නීතියට අනුව ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ පසු ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැනීමේ ලිපිය භාර දිය යුතුය.
විශ්‍රාම ගැනීම නිල ලෙස ක්‍රියාත්මක වන දිනය හෝ ධුර කාලය දිගු කිරීම තීරණය කිරීමේ පරම බලය පවතින්නේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමාට පමණි.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 75 විය සපිරූ වහාම ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇත.
ඒ සඳහා ශුද්ධෝත්තම පියතුමාගේ අනුමතිය ලැබෙන තුරු සිය ධුරයේ වගකීම් ඉටු කිරීමට උන්වහන්සේ ශාසනිකව බැඳී සිටිති.
"කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සහ දේශපාලන ලෝකයේ පවතින බල අරගල කිසි විටක සංසන්දනය කළ නොහැකිය. සාමාන්‍ය සිවිල් නීතියේ බලය සැමවිටෙකම ආණ්ඩුකරණය සමග බැඳී ඇති අතර කතෝලික සභාවේ බලය පවතින්නේ 'දේව සේවය' තුළය." යනුවෙන් සඳහන්.
මේ අතර රදගුරු මණ්ඩලය පවසන්නේ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශීය මෙන්ම විශ්ව කතෝලික සභාවට සිදුකළ මෙහෙවර අගය කරන බවත්, ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් උන්වහන්සේ ආරම්භයේ සිටම පෙනී සිටින්නේ පිරිසිදු හා අවංක චේතනාවෙන් බවත් ය.
ඒ සඳහා සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ජනතාවගේ සහ රදගුරු මණ්ඩලයේ නොසැලෙන සහයෝගය උන්වහන්සේ වෙත හිමිවන බවත් අඳාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එසේම අඳාළ නිවේදනය ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ එහි මහලේකම් (මඩකළපුව අපෝස්තලික පරිපාලක, කොළඹ සහයක රදගුරු) අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන බව සඳහන්.
