මත් ලෝලීන්ට සතුටුදායක ආරංචියක් - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ඇප් එකක්

Report

පාරිභෝගිකයන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත දැයි ක්ෂණිකව පරීක්ෂා කර බැලීම වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදවුමක් (App) ඉදිරියේදී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ, ‘බදු ශක්ති 2026’ ජාතික බදු සතිය පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව මෙම යෙදවුම නිර්මාණය කරන බවයි.

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

සියලුම රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් - අදත් මේක නොකළොත් වැඩ වරදියි

ඒ ඔස්සේ තමන් ගෙවන බදු මුදලට සරිලන ප්‍රමිතිගත මත්පැන් ලැබෙන්නේද යන්න තහවුරු කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ, වර්තමානය වන විට සුරාබදු ආදායම සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගොස් ඇති බවයි.

තවද ඔහු අවධාරණය කළේ මත්පැන් මිල ඉහළ දැමීම ඔස්සේ රජය අපේක්ෂා කරන්නේ මත්පැන් පරිභෝජනය සීමා කිරීම බවයි.

එසේම ව්‍යාජ මත්පැන් වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළේ මූලික අරමුණ වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

මේ වාහන ගැන තියෙන ආසාව ඇතෑර ගන්න - වාහන ආනයනකරුවන්ගෙන් නරක ආරංචියක්

මේ වාහන ගැන තියෙන ආසාව ඇතෑර ගන්න - වාහන ආනයනකරුවන්ගෙන් නරක ආරංචියක්

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි