ඉදිරි පැය 24 තුළ ලංකාව වටා සිදුවෙන දේ ගැන සියලු ජනතාවට වලංගු නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම අවවාදාත්මක නිවේදනයට අනුව මුහුදු ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය සහ රළ උස ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

විශේෂයෙන්ම කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන වෙරළ තීරයේ මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු කලාප විටින් විට රළු විය හැක.

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

ජූලි පටන් ගද්දිම වෙන්න යන දේ - 2න් පසු තත්ත්වය දරුණුයි

මීට අමතරව හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව ද නිරන්තරයෙන් විමසිලිමත් විය යුතුය.

sea_pdf by madhushani