කැසිනෝ ඔට්ටු අල්ලන අයට අලුත් නීතියක් මෙන්න

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කැසිනෝ ප්‍රවේශ ගාස්තු සහ ඔට්ටු ඇල්ලීමේ හා සූදු ක්‍රීඩා සම්බන්ධ බදු ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, සංශෝධිත ගාස්තු 2026 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 2025 දෙසැම්බර් 31 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, කැසිනෝ ප්‍රවේශ බද්ද එක් අයෙකුට අමෙරිකානු ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා වැඩි කර ඇත.

මෙරට කැසිනෝ හෝ ඒ හා සම්බන්ධ ක්‍රීඩා ආයතනයකට ඇතුළු වන සෑම පුද්ගලයෙකුගෙන්ම මෙම බද්ද අය කෙරේ. එය අමෙරිකානු ඩොලර්වලින් හෝ වෙනත් පරිවර්තනය කළ හැකි විදේශ මුදල්වලින් ගෙවිය හැකි අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් නම් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවිය යුතුය.

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

තත්ත්වය අවදානම් - ආයෙත් මාස්ක් දාන්න වෙයි වගේ

මීට අමතරව, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාර සඳහා පනවා ඇති දළ එකතුකිරීමේ බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර ඇත.මෙම සංශෝධිත බද්ද මසකට රුපියල් මිලියන 1 ඉක්මවන දළ එකතුකිරීම් සඳහා අදාළ වන අතර, එයද 2026 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. මෙම වෙනස්කම් 2025 අංක 25 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත යටතේ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනතට සංශෝධන මගින් හඳුන්වා දී ඇත.

6 ශ්‍රේණිය අසභ්‍ය වෙබ් අඩවිය නිසා ප්‍රබලයෙක් ධූරයෙන් ඉවතට

6 ශ්‍රේණිය අසභ්‍ය වෙබ් අඩවිය නිසා ප්‍රබලයෙක් ධූරයෙන් ඉවතට

ක්‍රියාත්මක වන දිනයේ සිට කැසිනෝ ක්‍රියාකරුවන් සහ ඔට්ටු ඇල්ලීමේ හා සූදු ක්‍රීඩාවල නිරත ව්‍යාපාර නව බදු ව්‍යුහයට අනුකූල විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, වැඩිදුර පැහැදිලි කිරීම් දෙපාර්තමේන්තුවේ බදු පරිපාලනය සහ ඔට්ටු ඇල්ලීමේ හා සූදු බදු අංශ හරහා ලබාගත හැකි බවයි. මෙම බදු වැඩිකිරීම රජයේ ආදායම් වැඩිකිරීමේ උත්සාහයක කොටසක් ලෙස සැලකෙන අතර, සූදු ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියාමනය තර කිරීමටද බලපානු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.