ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වැඩිහිටියන්ට සැලකුවේ මෙහෙමයි..

Puttalam Government Employee Sri Lanka Sri Lanka Police Investigation
By Piyumika Jun 13, 2024 04:36 AM GMT
Piyumika

Piyumika

Report

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පැවැසීය.

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශය දෙකකට මෙන්ම ග්‍රාම නිලධාරීන් පිරිසකට මෙම චෝදනාව එල්ලවී ඇත. එහිදී අදාළ වැඩිහිටියන්ට මෙම මුදල් ලබා දුන් බවට ලේඛනවල සටහන් තබා වැඩිහිටියන්ට ලබා නොදී වංචා කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි දීමනා ලබා ගන්නා වැඩිහිටියන් දහසකට ආසන්න පිරිසක් සිටින බවත් එයින් බහුතරයක පිරිසකගේ මුදල් මෙලෙස වංචා සහගත අයුරින් ලබා ගෙන ඇති බවටත් ‍චෝදනා එල්ලවී තිබේ.

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

තැපැල් කාර්යාලවලින් වැඩිහිටි දීමනාව ලබා දීම සිදු වුව ද එය සෑම මසකම 15 වැනිදායින් පසු ලබා නොදීමෙන් පසු මෙලෙස මුදල් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත නැවත ලැබීමෙන් පසු එම මුදල් ද මෙලෙස වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

භූගත කුටියකින් දැරියක් - තුන් කට්ටුවක් එකතු වෙලා ගැහුව හිතාගන්නවත් බැරී ගේම.. කෙලවර වුණ තැන..

භූගත කුටියකින් දැරියක් - තුන් කට්ටුවක් එකතු වෙලා ගැහුව හිතාගන්නවත් බැරී ගේම.. කෙලවර වුණ තැන..

මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතාට තොරතුරු ලැබීමත් සමග දිස්ත්‍රික් ලේකම්වරයා විමර්ශන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන අංශයට භාර දී ඇත.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%