මිහින්තලයේ පොසොන් උත්සවය කඩාකප්පල් කරන්නට සැරසීමක්?..පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග..

Report

පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කර ඇත.

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

හදවත් මිලියන ගණනකට සෙත සෑදූ විශිෂ්ටයකු දිවි ගමනට සමුදේ..

නොබෝ දිනකින් එළඹෙන පොසොන් උත්සවය කඩාකප්පල් කිරීමේ හැකියාවක් ඇතැයි කියමින් මිහින්තලා විහාරාධිපති ආචාර්ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා එලෙස නියම කර තිබේ.

මේෂ,තුලා ,කුම්භ සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙතනින් දැනගන්න..

මේෂ,තුලා ,කුම්භ සහ මීන යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙතනින් දැනගන්න..

පොසොන් උත්සවය ආසන්නයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් මිහින්තලයට පැමිණ සැකකටයුතු ලෙස නවාතැන් ගෙන සිටි බව කියමින් සැකකරුවන් සහ සැකකාරියන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගනිමින් මිහින්තලා විහාරාධිපති හිමිපාණන් පොලිස්පතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත්තේ.