පිටකොටුවේ කඩ 05කට නඩු වැටෙයි - හේතුව පාරිභෝගික අධිකාරිය කියයි.
Colombo
Sri Lanka
Ministry of Health Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි ඇති ආපනශාලා සහ වෙළෙඳසල් ව්‍යාපාර ස්ථාන 5කට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
ඒ එම ස්ථාන පරික්ෂා කිරිමේ දී එහි මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවිය, පාරිභෝගිකයන් නොමග යන ආකාරයට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස්කර විකිණීමට ප්‍රදර්ශනය කර තැබිම, කල්ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම යන චෝදනා යටතේ ය.
එම අධිකාරිය සඳහන් කළේ, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ආහාර සුරක්ෂිතභාවය මෙන්ම ආහාර ද්‍රව්‍ය සඳහා වූ නියමිත මිල ගණන් පිළිබද ජනතාව සැලකිලිමත්ව කටයුතු කිරිමට අවස්ථාව ලබා දීමෙන් පාරිභෝගික සුරක්ෂිත තාවය ඇති කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.
එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මෙහෙයවීමෙන් දිවයින පුරා වැටලීම් දිනපතා ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.
