වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කැඳවීමට නියෝග
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එළඹෙන ඔක්තෝබර් 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ අද (17) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
ඔබේ දරුවාගේ ඡායාරූප අන්තර්ජාලයට දාන්න කලින් දෙපාරක් හිතන්න- කෘතිම බුද්ධිය හරහා එන අලුත්ම තර්ජනය මෙන්න
2006 වසරේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීම සහ පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට රජයේ මුදල් වැය කර සහභාගී කරවීම තුළින් 'දූෂණය' සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.
නඩු විභාගයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් සඳහන් කළේ අල්ලස් කොමිසම ලබාදී ඇති ඇතැම් ලේඛන අපැහැදිලි අතර ඇතැම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් ලැබී නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අධිකරණය භාරයේ පවතින විත්තිය ඉල්ලා සිටින ලේඛන නියමිත ගාස්තුවට යටත්ව ලබාදීමටත්, කොමිසම සතුව පවතින සෙසු ලේඛන ඇත්නම් ඒවා ද විත්තියට ලබාදීමටත් නියෝග කළේය.