බුදු දහම සහ දළදා වන්දනාව... කාදිනල්ගේ මතය

Kandy Sri Lanka Sinhala news
By Akash Mar 26, 2025 01:29 PM GMT
Akash

Akash

Report

රට තුළ ජාතීන් අතර පවතින සමගිය තුළින් බෞද්ධ දර්ශනය පිළිබිඹු වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය තුළ සභ්‍යත්වය පෙන්නුම් කරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

රට තුළ බුදු දහම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු දේවල් සිදු කළ යුතු බවද අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියා.

ශ්‍රී දළදා වන්දනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් තුමන් මේ බව කියා සිටියා.

ත්‍රීරෝද රථ හිමිකරුවන්ට නීති මාලාවක්... විදේශිකයින්ට ලබාදීමේදී පරිස්සමෙන්

ත්‍රීරෝද රථ හිමිකරුවන්ට නීති මාලාවක්... විදේශිකයින්ට ලබාදීමේදී පරිස්සමෙන්

බුදුරජාණන්ගේ දන්ත ධාතූන් වහන්සේ වැඩම කර සිටින ශ්‍රී ලංකාව තුළ උපත ලැබීම භාග්‍යයක් බව පවසන උන්වහන්සේ තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සාමය, සමගිය, එක්සත් භාවය රට තුල බෞද්ධ සංස්කෘතිය හුවා දක්වන බවයි.

එම නිසා බෞද්ධ ධර්මය ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීම බව ද කාදිනල් හිමියන් පවසනවා.

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත ශ්‍රී දළදා වහන්සේ, සාමකාමිව වන්දනා කිරීමට කටයුතු කරන ලෙස සමස්ත රටේ ජනතාවගෙන් ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කළා.  

ReeCha