වෙඩි වැදුණු කෙනරක් හමුවෙයි
වයඹ වනජීවි කලාපයේ ගල්කිරියාගම වනසත්ත්ව අඩවි බල ප්‍රදේශයේ දඹුලු හල්මිල්ල වැව ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලබා ඇති බවට අනුමාන කෙරෙන කෙනරක් හමුව ඇත.
ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී එම කෙනර දඹුලු හල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි වැව් පිටියක වැටී සිටියදී හමුව ඇති බව වාර්තා වේ.
මෙලෙස වෙඩි වැදීමට ලක්ව වැටි සිටිනුයේ රණව රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශයේ සැරිසැරෑ බවට අනුමාන කෙරෙන වයස අවුරුදු 30ක් පමණ වන කෙනරක් බවත්, බිම වැටී සිටින කෙනරගේ හිසෙහි වෙඩි සලකුණු කිහිපයක් දක්නට ලැබී ඇති බවත් සඳහන්.
බිම වැටි සිටින කෙනරට ප්‍රදේශවාසින් හා වනජිවි නිලධාරින් එක්ව අවශ්‍ය ආහාරපාන ලබාදීමද සිදු කෙරෙමින් පවතී.
නිකවැරටිය වනජිවි පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ විසින් එම කෙනරට ප්‍රතිකාර ලබාදීමට නියමිතව තිබේ.