අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 30 දෙනා රිමාන්ඩ්
යාපනය, ඩෙල්ෆ් මුහුදු සීමාවේදී ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ආකාරයට මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ අනුව ඉකුත් දා ට්‍රෝලර් යාත්‍රා 04කින් පැමිණ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලමින් සිටියදී එම ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අනතුරුව ඔවුන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගත් අතර පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණා.
අදාළ ඉන්දීය ධීවරයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.
මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම සැකකරුවන් 30 දෙනා ලබන 23 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එසේම අඳාළ සිද්ධිය සම්බන්ධව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බව සඳහන්.