කැනඩාවෙන් ශ්‍රී ලංකාවට පොරොන්දුවක්
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැනඩාව සූදානම් බව ශ්‍රී ලංකාවට සහතික වී තිබේ.
කැනේඩියානු තානාපතිනි ඉසබෙල් මාටින් මහත්මිය ඊයේ මුදල් අමාත්‍යාංශයේදී මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ප්‍රතිඥාව ලබා දුන්නාය.
ශ්‍රී ලංකා රජයේ ව්‍යුහගත ප්‍රතිසාධන සැලැස්මට කැනඩාව ප්‍රශංසා කරන බවත්, ශ්‍රී ලංකාව විධිමත් හානි සහ අවශ්‍යතා තක්සේරුව සම්පූර්ණ කළ පසු සහාය ලබා දීමට ඔටාවා සූදානම් බවත් ඇය සඳහන් කළාය.
පශ්චාත් ආපදා තක්සේරුව අවසන් වූ පසු, සුළි කුණාටුව සහ ඒ ආශ්‍රිත ගංවතුරෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ කෘෂිකාර්මික ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල උපරිම සහාය ලබා දීමට කැනඩාව සූදානම් බව කැනේඩියානු තානාපතිවරිය පැවසුවාය.