සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව එන කැබිනට් පත්‍රිකාව
By Hashini
මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දැනට පවතින නීතිවල යම් අපොහොසත්කමක් දක්නට ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.