රජයේ අත්‍යවශ්‍ය සේවාවලට වහාම බඳවා ගනී - එක් එක් පුරප්පාඩු ගණන මෙන්න
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවය මත, අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර තිබේ.
මෙම කමිටුවට බඳවා ගැනීම් සම්බන්ධ අවශ්‍යතා, ප්‍රමුඛතා සහ කාලරාමු හඳුනාගෙන ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සිදු කළ යුතු බඳවා ගැනීම් පිළිබඳ නිර්දේශ සැකසීමේ වගකීම පැවරී ඇත.
එම නිර්දේශ සකස් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ විසින්, ඒ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පුරප්පාඩු තනතුරු සම්පූර්ණ කිරීමේ ඉල්ලීම් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත.
2025-11-14 දින පැවති නිලධාරි කමිටු රැස්වීමේදී සිදු කරන ලද සාකච්ඡා සහ නිර්දේශ අනුව, අග්‍රාමාත්‍යවරිය විසින් යෝජනා කරන ලද බඳවා ගැනීම් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.