බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් සඳහා කැබිනට් අනුමැතිය...

Report

ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගම් 2කට ප්‍රදානය කිරීමට අනුමැතිය හිමිව ඇති අතර, බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 6,000ක් සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 3,000ක් බැගින් සැපයීම සිදු වේ.

සුර්ය බලාගාර 20ක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය...(PHOTOS)

සුර්ය බලාගාර 20ක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය...(PHOTOS)

එමෙන්ම, දේශීයව අවශ්‍ය ප්‍රමාණයට වාර්ෂික ත්‍රිපෝෂ සැපයුම් අවශ්‍යතාවය සපුරා ගත නොහැකි බැවින් බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනයට පියවර ගෙන ඇත.

මෙලස කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීමට පියවර ගෙන තිබෙන්නේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවකට ය